විමල්ගේ නඩේ බන්දුලට වැඩක් දෙයි : බැසිල් පාර්ශවයට "රෝ" "වසල" චෝදනා

විමල්ගේ නඩේ බන්දුලට වැඩක් දෙයි : බැසිල් පාර්ශවයට "රෝ" "වසල" චෝදනා

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක් රෝ සංවිධානය (ඉන්දීය රජයේ රහස් ඔත්තු සේවය) විසින් මෙහෙයවමින් සිටින බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කර සිටියි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම වගන්තිය අමුනාගෙන ජනතා විමුක්ති පෙරමුණ හරහා දියත්ව තිබෙන්නේ ඉන්දියාව හා ඇමෙරිකාව එක්ව ලියන ලද පිටපතක නාට්‍යක් බවත් බන්දුල ගුණවර්ධන මහතාගේ ඇතැම් ප්‍රකාශවලින් ඔහුටද මෙම නාට්‍යයේ චරිතයක් නිරූපනය කිරීමට අවස්ථාවක් ලැබී ඇත්දැයි සැකයක් මතුවන බවත් එහිදී චෝදනා එල්ල කර ඇත.

19 වනදා පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළවූ අතර එහිදී එම සංවිධානයේ වසන්ත බණ්ඩාර සෘජුවම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට චෝදනා නැගීය.


බලය ලබා ගැනීම සදහා ඒකාබද්ද විපක්‍ෂය මෙම උගුලට පා තැබුවහොත් මෙම පාවාදීම ඔවුන් කරන අවසන් පාවාදීම වනු ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුව විසුරවීමේ යෝජනාවද ගෙන ඒකාබද්ද විපක්‍ෂය දායක වන්නේ නම් එය මහා පාවාදීමක් වනු ඇති බවත් මේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය එකඟවන පදනම තමන්ට පැහැදිළි නැති බව ඊට සහභාගී වූ ආචාර්ය ගුණදාස අමරසේකර ද සඳහන් කර ඇත.

එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ යම් මෙයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඒ සමගම 13 වන සංශෝධනයද අහෝසි කල යුතු බවත් ඒම දෙකම එකවර සිදුවිය යුතු බවත්ය.

මෙම මාධ්‍ය හමුව අමතමින් මාධ්‍යවේදී මොහාන් සමරනායක සඳහන් කර ඇත්තේ අද පාර්ලිමේන්තුවේ සිටින වැඩි දෙනා පොතපත නොකියවන, නූගත්, අඥාණ, ස්වාර්ථය මිස අන් කිසිවක් නොසලකන ඉතාම වසල පිරිසක් බවය. එසේම බෙදුම්වාදය දේශපාලනිකව එදාටත් වඩා අද ප‍්‍රබල බවත් එවන් තත්වයක් යටතේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම රටම අවුල් කිරීමක් යයිද ඔහු පෙන්වා දී ඇත.

මෙම පුවත විමල් වීරවංශ මන්ත්‍රීගේ අනුදැනුම මත පවත්වා ගෙන යන වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ "ඉතිහාසයේ මහා පාවාදීමකට ඒකාබද්දය සූදානම්.. රටම අවුල් කරන්න වසලයෝ සැරසේ.." යන ශීර්ෂයෙන් යුතුවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න