'තෙල් මිල ගැන තීන්දුව ජනාධිපති සහ අගමැති අතේ

'තෙල් මිල ගැන තීන්දුව ජනාධිපති සහ අගමැති අතේ

තෙල් මිල ඉහළ දැමීමේ හෝ නොදැමීමේ අවසන් තීරණය ගන්නේ අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් එක්ව බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ නව වසර සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන්ට, සේවක සේවිකාවන්ට උදා වූ අලුත් අවුරුද්දේ සුබ පැතීමේ උත්සවයට අද (19) සහභාගීවෙමින් ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කර ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ලාභ ලබන ආයතන ලෙස පවත්වාගෙන යා යුතුද නැතිනම් මහජනතාවට සේවා සපයන ආයතන ලෙස පවත්වාගෙන යායුතුද යන්න ගැන මේ දක්වා කිසිම ආණ්ඩුවක් තීරණයක් ගෙන නොමැති නමුත් ආණ්ඩුවක් ලෙස තමන්ට එම තීරණය ඉක්මනින්ම ගන්නට සිදුවෙන බවය.

එසේම ඉදිරියේ තෙල් මිල සම්බන්ධව මුදල් අමාත්‍යාංශයත් බලාධාරින් සමඟද මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධව සාකච්ඡා කර තිබෙන බවත් නමුත් තෙල් මිල වැඩි කිරීමට හෝ අඩු කිරීම ගැන තීරණය ගත යුත්තේ ආණ්ඩුව විසින් බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග කියා සිටියේ ආණ්ඩුව මුහුණ දුන් අභියෝග දැඩි වුවත් කෙටි කාලයකදී ජයග්‍රහණ රැසක් රටට උදාකර දීමට හැකිව ඇති බවය.

එහිදී අදහස් දක්වූ අමාත්‍යවරයා,

එසේම “අපි ඇවිල්ලා දැන් මාස 10 – 11ත් අතර කාලයක් ගතව තිබෙනවා. මේ කාල සීමාවේදී ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට අපට හැකි වුණා. අවුරුදු ගණනාවක් කිරීමට නොහැකි වුණු ව්‍යාපෘතීන් ගණනාවක් මේ වන විට එක්කෝ සැලසුම් කර තිබෙනවා. ආරම්භ කර තිබෙනවා. නැතිනම් අවසන් කර තිබෙනවා. උදාහරණ කිහිපයක් ගතහොත්, කටුනායක නව ගුවන්යානා හැසිරවීම් පථයෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය ඉඳි කිරීමේ ගිවිසුම දින 45ක් තුළදී ටෙන්ඩර් කැඳවා අත්සන් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකි වුණා. රටට ඩොලර් මිලයන 2ක් පමණ ඉතිරි කර දී තිබෙනවා. ඒ වගේම JIG ආයතනය 2001 වර්ෂයේදී නිර්දේශ කළ ගුවන් යානා ඉන්ධන පෙරන පද්ධතිය ඉඳිකිරීම අපි එනතුරුම ආරම්භ කර තිබුණේ නැහැ. එය මාස හතරක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට අපිට හැකි වුණා. අපි මේ වන විට කොලොන්නාවේ ඉන්ධන ටැංකි පද්ධතියක් සැදීම ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ එහි පළමුවැන්නේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වනවා. තවත් හතක් ආරම්භ කිරීමට මූලික සැලසුම් සකස් කරමින් සිටිනවා…..”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න