ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් බේද කරවීමට ඇතැමුන් ගෙන යන ක්‍රියාවලියට මුහුණ දීමට තමා සුදානම් බවත් කිසිවෙකුටත් පක්ෂයේ බෙදීමක් කිරීමට ඉඩ නොදෙන බවත් බැසිල් රාජපක්ෂ පවසයි.
19 වනදා බත්තරමුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළ අතර තම අපේක්ෂාව අනිවාර්යයෙන්ම රටේ පාලනය මහින්ද රාජපක්ෂ වෙත නැවත ලබාදීම බවද ඔහු පවසා ඇත.
පොදු ජන පෙරමුණ මේ වන විට ලංකාවේ තිබෙන ප්‍රබලතම දේශපාලන පක්ෂය බවට පත්ව ඇති බවත්, අවුරුදු එක හමාරක වැනි කාලයක් තුළ තම පක්ෂය වර්ධනය වු බවත් පවසා ඇති බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ පක්ෂයේ සාමාජිකත්වය යන ප්‍රධානම කාරණා දෙක නිසා පක්ෂය ප්‍රබල වී ඇති බව ද පවසා ඇත.

