පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පත් කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් මගින් අද (19) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙතින් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට මෙම යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයේදී භාරදී ඇති බවත් ඒ සඳහා මේ වන විට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශවයේ සහය ලැබෙනු ඇති බවද අදාළ මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දීම ඇතුළුව ආණ්ඩුවේ සිටිමින් ඊට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධව හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට එරෙහිව චෝදනා එල්ලවූ අතර ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටද ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේ සුදානමක් තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
