ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරීගේ හොර සුදුසුකම් මාට්ටු !

ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරීගේ හොර සුදුසුකම් මාට්ටු !

ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී එස්.එම්.එන්.ආර් අබේවර්ධන අදාළ තනතුරට අවශ්‍ය මුලික සුදුසුකම් සම්පුර්ණ කර නොමැති බවත් ඔහු අදාළ තනතුර ලබා ගැනීම වෙනුවෙන් ජීව දත්ත පත්‍රයට සාවධ්‍ය තොරතුරු ඇතුළත් කර තිබෙන බවද විගණකාධිපතිවරයා සදහන් කර ඇතැයි වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී තනතුර ලැබීම සඳහා පශ්චාත් උපාධි සුදුසුකම මෙන්ම ජේෂ්ඨ කළමනාකරණ මට්ටමේ අවම වශයෙන් වසර 10ක සේවා කාලයක් සපුරා තිබීය යුතුය. එහෙත් වත්මන් සාමාන්‍යාධිකාරීවරයාට ජේෂ්ඨ කළමනාකරණ මට්ටමේ තබා මාණ්ඩලික ශ්‍රේණියක පවා පළපුරුද්දක් නොමැති බව වාර්තා වෙයි.

විගනකාධිපතිගේ අනාවරණය

එසේම ඔහු තනතුරට පත් වීමේ දී ඉදිරිපත් කළ අයදුම්පත්‍රයේ මාණ්ඩලික ශ්‍රේණියේ පළපුරුද්දක් තිබෙන බව සදහන් කර තිබුණද පළපුරුද්ද සදහන් කළ ආයතනවලින් සනාථ කිරීම් ඊට එක් කර නොතිබූ බවද විගණකාධිපතිවරයා සදහන් කර ඇති බවද දැනගන්නට ඇත.

බොරු සුදුසුකම් මාට්ටු

එස්.එම්.එන්.ආර් අබේවර්ධන චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා තමන්ගේ සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය ලේඛන නිලධාරි වශයෙන් මාණ්ඩලික ශ්‍රේණියේ වසර 18 ක් සේවය කළ බවය. නමුත් ඒ සම්බන්ධව විගණකාධිපති විසින් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කර ඇති විමසුමේදී දැනුම්දී ඇත්තේ රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම යන අවස්ථාව වන විටත් වැටුප් කේත අංක (MN4) යටතේ සිටි මෙම නිලධාරීයා වෛද්‍ය ලේඛන නිලධාරී තනතුර හෙබවූ නමුත් එය මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරක් නොවන බවය.

අව කළමනාකරණය නවත්වනකොට කකුලෙන් අදිනවා - සාමාන්‍යාධිකාරී

තමන් සම්බන්ධව එල්ලවී ඇති බරපතල චෝදනාවට අදහස් දක්වමින් සාමාන්‍යාධිකාරී එස්.එම්.එන්.ආර් අබේවර්ධන සඳහන් කර ඇත්තේ අව කළමනාකරණයට තිත තබද්දී ඊට එරෙහි පිරිස් තම කකුලෙන් අදින බවත් අදාළ තනතුරට අවශ්‍ය අධ්‍යාපන සුදුකම් මෙන්ම මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු වල පළපුරුද්ද ද තමන්ට ඇති බවය.

මං එනකොටත් එයා තනතුරේ - සභාපති

එසේම මේ සම්බන්ධව අදහස් දක්වමින් ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති සිතෙන්ද්‍ර සේනාරත්න සඳහන් කර ඇත්තේ තමන් පසුගිය ජූලි මාසයේ සභාපති තනතුරට එන විටත් සමානාධිකාරී තනතුර සඳහා බඳවා ගැනීම සිදුකර තිබු බවත් කෙසේ නමුත් විගණකාධිපතිවරයා විසින් කරණ ලද විමසුමට අනුව අවශ්‍ය ලේඛන සහ තොරතුරු ලබාදෙන්නට තමන් කටයුතු කළ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න