පොදුරාජ්‍ය මණ්ඩලීය රජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් අසල එල්.ටී.ටී.ඊ හිතවාදී අධාරකරුවන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව විරෝධතාවයක නිරත වන බව වාර්තා වෙයි.
පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව අද (19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී ආරම්භ කෙරුණු අතර ලංකා ජනාධිපතිවරයා එය ඇමතීමට නියමිතව තිබුනේ රාත්‍රී 8.00 ය.
ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා පිළිගැනීමට පිළිගත්තේ බි‍්‍රතාන්‍ය අගමැතිණි තෙරේසා මේ සහභාගීව ඇති අතර ප‍්‍රබල රාජ්‍ය නායකයින් රැසක් මෙම විධායක සභාව නියෝජනය කිරීමටද නියමිතව තිබිණ.
එසේම පොදු රාජ්‍ය මණ්ඩලයීය නීල ප‍්‍රඥප්තිය සම්මත කර ගැනීම ද මෙහිදී නියමිතව තිබු අතර පැවති තිස් අවුරුදු සිවිල් යුද්ධයේ ප්‍රතිඵල සහ උතුරු නැගෙනහිර ජනතාවට මෙතෙක් යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයේ අරමුණ වූ බවද වාර්තා වෙයි.

