විරෝධතා පැවැත්වූවාට බදු ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් නෑ - ෂෙහාන්

 විරෝධතා පැවැත්වූවාට බදු ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් නෑ - ෂෙහාන්

විරෝධතා මැද වුවද නව බදු ප්‍රතිපත්තිය එලෙසම පවතින බවත් එහි කිසිදු වෙනසක් නොකරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි.

මෙම වසරේ අවසන් කාර්තුවේ දී රාජ්‍ය සේවකයන් සඳහා අතිරේක දීමනාවක් ලබා දීමට රජය සලකා බලමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි .

සති අන්ත පුවත්පතක් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ආර්ථික තත්වය තක්සේරු කිරීමෙන් පසු රාජ්‍ය සේවකයින් වෙත අදාළ දීමනාව ලබා දීමට පියවර ගන්නා බවත් පවසා ඇත .

දැනට ක්‍රියාත්මක කරමින් ඇති ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් සමග ආර්ථික දියුණුවක් රජය අපේක්ෂා කරන බවත් පවසන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න