ඉල්ලුවට දෙන්න සල්ලි නෑ : ජන්දය කල් යයි !

ඉල්ලුවට දෙන්න සල්ලි නෑ : ජන්දය කල් යයි !

ලබන සතිය තුළ රුපියල් මිලියන 100 ක මුදලක් නොලැබෙන්නේ නම් අප්‍රේල් 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නිමල් ජී. පුංචිහේවා මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදුකිරීමට අවම වශයෙන් එම මුදල අවශ්‍ය වන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති සමස්ථ මුදල රුපියල් මිලියන 1,100
කි.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත මැතිවරණ කොමිසම විසින් මීට පෙර ලිපියක් යොමුකර තිබිණ.

එම ඉල්ලීම ඇතුලත් ලිපිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇත. ඒ පිළිබඳව ද අමාත්‍යංශ ලේකම්වරයා විසින් තමන්ව දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න