ජී.එල්ට පොහොට්ටුවේ තනතුර අහිමි වෙයි !

ජී.එල්ට පොහොට්ටුවේ තනතුර අහිමි වෙයි !

මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබේ.

 පසුගියදා රැස්වූ සිය පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකව එම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පැවසීය. 

එම විධායක සභා රැස්වීමට සහභාගී වන ලෙස ජී.එල්. පීරිස්ට ලිඛිතව දැනුම් දී තිබුණ ද ඔහු ඊට සහභාගී නොවු බවද පක්ෂ ලේකම්වරයා සඳහන් කළේය.

පක්ෂයේ නව සභාපතිවරයා තෝරාගැනීම සඳහා මේ වනවිට සුදුසු නාමයන් සලකාබලමින් සිටින අතර සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයෙකු ඒ සඳහා පත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ඉදිරි සතිය තුළ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න