18ට අඩුයි නම් TikTok පැයයි

18ට අඩුයි නම් TikTok පැයයි

වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කරන බව එම සමාගම පවසයි.

වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් දෛනිකව විශාල කාලයක් TikTok වෙත ඇබ්බැහිවීම සීමා කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව TikTok පරිපාලනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ඉදිරියේ දී වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා දෛනික භාවිතය පැයකට සීමා වන පරිදි මෙම යාවත්කාලීන කිරීම සිදු කරනු ඇති.

නව හඳුන්වාදීම යටතේ 18ට අඩු පරිශීලකයෙකුට ලබා දී ඇති කාලයට වඩා වැඩි කාලසීමාවක් TikTok පරීශීලනය කිරීමට අවශ්‍ය නම් මුරපදයක් ඇතුළත් කිරීමට සිදුවනු ඇති.

කෙසේ වෙතත් TikTok පරිපාලනය පවසන්නේ, නව හඳුන්වාදීමෙන් පසු අවශ්‍ය නම්, ඔවුන්ට ඉන් ඉවත් වීමට හැකියාව ඇති බවත් ඒ සඳහා වන පියවර ඉදිරියේදී හඳුන්වා දෙන බවත් ය.

TikTok අයත් සමාගමට අනුව මෙම නවතම හඳුන්වාදීම මගින් පරිශීලකයින්ට පාලනයක් සහිතව යෙදවුම භාවිතයට පහසුකම් සපයනු ඇති.

TikTok පරිශීලකයෙකු වීමට නම් අවම වශයෙන් වයස අවුරුදු 13 සම්පූර්ණ කළ යුතුව ඇති අතර නව හඳුන්වාදීම යටතේ වයස අවුරුදු 18 අඩු ඕනෑම අයෙකුට ඔවුන් දෛනිකව TikTok යෙදවුම පරිශීලනය කර ඇති කාලය සතිපතා දැනුම් දෙනු ඇති.

මේ අතර TikTok හි Family Pairing විකල්පය භාවිත කරන දරුවන්ගේ දෙමාපියන්ට තම දරුවන්ගේ TikTok භාවිතය සීමා කිරීමට ද හැකියාව පවතී.

TikTok හි විශ්වාසය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී Cormac Keenan පවසන්නේ, සමාගම මෙම යාවත්කාලීන කිරීම් සිදු කිරීමේදී පර්යේෂකයින් හා සම්බන්ධ වී ක්‍රියා කරන බවයි.

මේ අතර පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ මෙන්ම එක්සත් රාජධානියේ ද වයස අවුරුදු 14 ත් 24 දක්වා වූ පිරිස් TikTok යෙදවුමට දැඩි ලෙස ඇබ්බැහිවීමක් පවතින බවයි.

TikTok යෙදවුම සම්බන්ධයෙන් මේ වනවිට ඇතැම් රටවල සංවාදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර කැනඩාව ද පසුගිය සතියේ තීරණය කරනු ලැබුවේ, චීන සමගාමකට අයත් TikTok යෙදවුම තහනම් කිරීමටයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න