ශ්‍රී ලංකා යුද හමුදා පිරිසක් ලෙබනනයේ රාජකාරී නිමවා පැමිණෙන අතර, තවත් පිරිසක් පිටත්ව යයි

ශ්‍රී ලංකා යුද හමුදා පිරිසක් ලෙබනනයේ රාජකාරී නිමවා පැමිණෙන අතර, තවත් පිරිසක් පිටත්ව යයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) රාජකාරී නිමාවෙන් පසුව බදදා (මාර්තු 01) දින දිවයිනට පැමිණෙන ලදී.

එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 89 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පළමු අධියරේදී බදදා (මාර්තු 01) දින දිවයිනට පැමිණි අතර, ඉතිරි කණ්ඩායම බ්‍රහස්පතින්දා (මාර්තු 02) දින ලෙබනනය බලා පිටත්ව යාමට නියමිත 14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත එම රාජකාරින් භාරදීමෙන් පසුව මෙරටට පැමිණීමට නියමිතව ඇත.

දිවයිනට පැමිණි 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරීන් සහ ඥාතීන් කිහිප දෙනෙකු පැමිණ සිටියහ.

නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 115 ක්‌ ඇතුළත් යුද්ධ හමුදාවේ 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2022 පෙබරවාරි 27 වන දින ලෙබනනය බලා පිටත්ව යනු ලැබූහ.

{gallery}lebanan{/gallery}

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම දිවයිනෙන් පිටත් වේ

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායෙහි (UNIFIL) සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) බ්‍රහස්පතින්දා (02) දින උදෑසන දිවයිනෙන් පිටත්ව යනු ලැබීය.

ශ්‍රී ලංකා හමුදා ආරක්ෂක කණ්ඩායම නිලධාරින් 10ක්, සහ සෙසු නිලයින් 115 දෙනෙකු ඇතුලුව යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත අතර ඊට ලුතිනන් කර්නල් ඩී.පී.අයි.ටී කළුඅග්ගල අණදීම සිදුකරන අතර, මේජර් ඩබ්ලිව්.එම්.සී.කේ වන්නිනායක දෙවන අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබයි. මෙම ආරක්ෂක භට කණ්ඩායම සඳහා මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය සහ බිම්බෝම්බ හඳුනාගැනීම සඳහා මනා පුහුණුවක් ලබා ඇති සුනකයින් වන ‘ෆ්‍රෑන්ක්’ (Frank) - (German Shepherd), ‘ජුපීටර්’ (Jupiter) - (Golden Retriever), ‘ටයිගර්’ (Tiger) - (German Shepherd) සහ ‘ලීනා’ (Leena) - (German Shepherd) ඇතුලත් වේ.

යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් අසංග පෙරේරා ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු දිවයිනෙන් පිටත්ව යන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත සුබ පැතුම් පිරිනැමීමට ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිහය.

14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම විසින් ලෙබනනයේ ‘නකෝරා’ (Naqoura) හි පිහිටි එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මූලස්ථානයට සහ ප්‍රභූවරුන් වෙත ආරක්‍ෂාව සැපයීමේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව ගිය අතර, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම පසුගිය බදාදා (1) දින මෙරටට පැමිණෙන ලදී.

{gallery}lenanan2{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න