විශේෂිත නවීන ළමා රෝහලක් හා පිළිකා රෝහලක් හැදීමට ජනපතිගෙන් උපදෙස්

විශේෂිත නවීන ළමා රෝහලක් හා පිළිකා රෝහලක් හැදීමට ජනපතිගෙන් උපදෙස්

වෛද්‍ය පර්යේෂණ පිළිබඳ නවීන රසායනාගාරයක් පිහිටුවීමේ හැකියාව අධ්‍යයනය කර මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක  විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මේ බව දැනුම්දී ඇත.

මේ අතර පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත රෝහල් සහ සුදුසු ස්ථානයක විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සුදුසු ස්ථානයක මෙම රෝහල් ස්ථාපිත කිරීමට නියමිතය.

මීට අදාළව ද ජනාධිපති ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න