ක්‍රිකට් නිලවරණය මැයි 20 වැනිදා

ක්‍රිකට් නිලවරණය මැයි 20 වැනිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ආයතනය පවසයි.

එහිදී 2023 - 2025 කාලසීමාව සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ත්‍රිපුද්ගල නිලවරණ කමිටුව ඊයේ (27) නාමයෝජනා භාරගත් බවයි.

පසුගිය වසරේ නොවැම්බර් මස 23 වනදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී ක්‍රිකට් නිලවරණ කමිටුව සඳහා සාමාජිකයින් පත්කරනු ලැබූ බව එම නිවේදනයේ දැක්වෙයි.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුනිල් සිරිසේන මෙම ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවට ඇතුළත්ය.

ඒ අනුව ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා භාර ගැනීමට ඊයේ පෙරවරු 9.30ට ආරම්භ වී පස්වරු 3.30ට අවසන් කෙරුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ජාතික ක්‍රීඩා සංගම්වලට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය ඊයේ (27) නිකුත් කළ අතුරු නියෝගයක් නිකුත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න