පුරන් කුඹුරු අක්කර 12,500 ක් යළි වගා කිරීමට සැලසුම්......

පුරන් කුඹුරු අක්කර 12,500 ක් යළි වගා කිරීමට සැලසුම්......

ඉදිරි මහ කන්නයේදී පුරන් කුඹුරු අක්කර 12,500 ක් යළි වගා කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේවනවිට නැවත වගා කළ හැකි එහෙත් වසර 05 කට ආසන්න කාලයක් වගා නොකර අතහැර දමා ඇති පුරන් කුඹුරු අක්කර 47,000 ක් පමණ රටතුළ පවතින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

තවත් අක්කර 50,000 ක් පමණ පුරන් කුඹුරු තත්ත්වයට පත්ව ඇතත් ඒවා නැවන වගා කිරීම සඳහා යොදා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බවත්, වගා කළ හැකි පුරන් කුඹුරු අක්කර 47,000 ම වසරින් වසර රජයේ මුදල් යොදා ගනිමින් යළි වගා කිරීමට ඉලක්ක කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

දැනට වගා කළ හැකි එහෙත් අතහැර දමන ලද පුරන් කුඹූරු වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වැඩිදුරටත් සදහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න