බස්නාහිර පළාත් සභාව මඟින් පාලනය වන කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල් වල පැවැත්වෙන පොදු උත්සව සඳහා පළාත් සභා මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින්ට ආරාධනා කරන ලෙස දන්වමින් කොළඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එන්. සිල්වා නිකුත් කර තිබු නියෝගය අවලංගු කර ඇත.
ඒ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් නිකුත් කළ නියෝගයක් හරහාය. අධ්‍යාපන නිලධාරීන් දේශපාලන කටයුතු වලට යොදාගන්නා බවට එල්ලවෙමින් තිබෙන චෝදනා මත පදනම්ව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව කොළඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එන්. සිල්වා ලිපියක් මඟින් "කොළඹ කලාපයේ පළාත් සභා සහ පළාත් පාසල්වල පැවැත්වෙන පොදු උත්සව අවස්ථා සඳහා ප්‍රදේශය නියෝජනය කරන සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර ලබා දිය යුතු බව" දක්වමින් 2018 මාර්තු 20 අවලංගු බවත් ඊට අදාළ නව නියෝගය ගැනත් විදුහල්පතිවරුන් දැනුවත් කර අලුත් ලිපියක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.
සබැඳි පුවත්
පලා බබාලාට බුලත් දෙන්න විදුහල්පතිලාට නියෝගයක් : බුලත් දෙන්න කියන මන්ත්‍රී ලැයිස්තුව මෙන්න
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
