බදුල්ල දමිල බාලිකා විදුහලේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ පරීක්ෂණ කටයුතු අවසන්ව නොමැති පසුබිමක පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට යළිත් අධ්‍යාපන අමාත්‍යධුරය ලබාදීම සම්බන්ධව ගුරු සංගම් එළඹෙන 23 වනදා සිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළඹෙන බවා ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව සඳහන් කල අතර අදාළ සිදුවීමට සම්බන්ධ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට මෙන්ම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර නැවත අමාත්‍යංශය ඔහුට පැවරීම බලවත් අසාධාරණයක් සහ සදාචාර විරෝධී ක්‍රියාවක් බවද ඔහු පැවසීය.
මේ සම්බන්ධව ඌව පළාත් ගුරු සංගම් නියෝජිතයකු newstube වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ජනාධිපතිගේ නියෝජිතයා : හරි ලොකු වැඩක් කරලා - ගුරු සංගම් චෝදනා කරයි
මේ සිදුවීම වෙලා මාස ගණනාවක් ගත වෙනවා. තවමත් පරීක්ෂණ වල ප්‍රතිඵලයක් නෑ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් පවා මීට අදාළ පරීක්ෂණයක් දියත්කර තිබෙනවා. ඒ වගේ පසුබිමක මේ ප්‍රධාන ඇමතිට නැවත අධ්‍යාපන අමාත්‍යංශය දුන්නා කියන එකේ තේරුම තමයි යහපාලනය යටතේ සහ රාජපක්ෂ රෙජීමය යටතේ වෙනසක් නොමැතිව වැරදි කරන දේශපාලන දඩ බල්ලන් නිදහස් කියන එක. දැන් බලන්න ප්‍රධාන ඇමති කියනවා, මේක ආණ්ඩුකාරවරයා මට දුන්නේ කියලා. ආණ්ඩුකාරවරයා කියන්නේ විධායකය නියෝජනය කරන තැනැත්තා. හරි ලොකු වැඩක් උන්දා කරලා තියෙන්නෙ. දැන් හොඳට නින්ද එහෙමත් යනවා ඇති. අපි බලමු ජනාධිපතිවරයා ආවහම මොකක්ද මේ ගැන ගන්න තීරණය කියලා. දැනට මේ නොසන්ඩාල ක්‍රියාවට එරෙහිව අපි උද්ඝෝෂණයක් සුදානම් කර තිබෙනවා. ඒ වගේම මේ නොහික්මුණු ක්‍රියාව නිඉවරදී නොකළොත් දැඩි ක්‍රියා මාර්ග වලට යොමුවෙන්නත් අපේක්ෂා කරනවා.

