මේජර් ජනරාල් අමල් ආයෙත් රිමාන්ඩ්

මේජර් ජනරාල් අමල් ආයෙත් රිමාන්ඩ්

රිමාන්ඩ් භාරයේ සිටින යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මැයි 2 වනදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට අධිකරණය නියෝග කර ඇත.

ඒ සැකකාර මේජර් ජනරාල්වරයා අද (18) ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ය.

2008 මැයි 22 වනදා මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමට ආධාර අනුබලදීම සම්බන්ධව හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව විසින් අත්අඩංගුවට ගනුලැබූ අතර ඒ පසුගිය 5 වනදා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න