ශ්‍රී ලංකා පොලිසියට ජපන් රජයෙන් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා පොලිසියට ජපන් රජයෙන් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ යතුරුපැදි 150ක්, වෑන් රථ හා කුඩා වර්ගයේ බස් රථ 74ක් සහ සෝදිසි උපකරණ 115ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත සංකේතාත්මකව භාරදීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ සිදු විය.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂුන්සුකේ මහතා විසින් මෙම උපකරණ භාරදීමට අදාළ ලියකියවිලි ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

වාහන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සමග සුහද කතා බහක ද නිරත විය.

ශ්‍රී ලංකා පොලිසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මෙම පරිත්‍යාගය සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න