චෝදනා ලද විදේශිකයන් 1955ක් රටින් දොට්ට !

චෝදනා ලද විදේශිකයන් 1955ක් රටින් දොට්ට !

විදේශිකයන් එක්දහස් නවසිය පනස් පස් දෙනෙක් (1955) අපරාධ සහ විවිධ දූෂණ වංචා චෝදනා පදනම් කරගෙන පසුගිය වසර හතරේදී (2018-2021) මෙරටින් නෙරපනු( පිටුවහල්) ලැබ ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

විදේශිකයන් වැඩිම පිරිසක් නෙරපනු ලැබ ඇත්තේ 2019 වර්ෂයේදී වන අතර එම සංඛ්‍යාව 898 කි.

මෙයට අමතරව විදේශිකයන් 678 දෙනෙකු 2018 වර්ෂයේදීත් විදේශිකයන් 249 දෙනකු 2020 වර්ෂයේදීත් විදේශිකයන් 130 දෙනකු 2021 වර්ෂයේදීත් නෙරපනු ලැබ ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.

විදේශිකයන් එකසිය තිස් දෙනෙකු පසුගිය වසරේදී නෙරපනු ලැබ ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් කරන ලද විමර්ශන 505ක ප්‍රතිඵල අනුව බව එම වාර්තාවේ දැක්වේ.

මෙසේ නෙරපනු ලැබූ වැඩි පිරිසක් ඉන්දියානුවෝ වෙති. එම සංඛ්‍යාව 92කි.

එමෙන්ම නේපාල ජාතිකයෝ නව දෙනෙක්ද නයිජීරියානු ජාතිකයෝ හත් දෙනෙක්ද පාකිස්තාන ජාතිකයෝ හය දෙනෙක් ද රුසියානු ජාතිකයෝ පස් දෙනෙක් සහ මාලදිවයින ජාතිකයෝ දෙදෙනෙක්ද නෙරපනු ලැබූ පිරිසට ඇතුළත් වෙති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න