Language Switcher

V2025

ගෝඨා ඇමරිකාවට !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක් ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද (26) පිටත්ව ගොස් ඇත .

වාර්තා වන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ , පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ , ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ඇත.

මෙම පිරිස එමිරේට්ස් ගුවන් ගුවන් යානයකින් අද අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ .

මෙම පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

කටුනායක ගුවන් තොටුපළ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවේ .