අපි මේ කියන්න යන උන්නැහේ ටැලිෆෝන් පාටියෙ තරුණ මන්ත්‍රී සයිස් මහත්තයෙක්. එන්නෙ මිණිපුරේ ඉඳල... ඉතින් උන්නැහේ තමන් පක්ෂයෙ දරන සහකාර මට්ටමේ ලේකම් තනතුරකින් ඉල්ලා අස්වෙන්න හදන බවට වාර්තා වෙලා තිබෙනවා.
මෙයට කළිනුත් මුන්නැහේ දෙතුන් පාරක්ම තමන් පක්ෂයෙ දරන පට්ටම්වලින් ඉල්ලා අස්වෙන බව කියල තිබුණ. ඒත් ගියේ නම් නැහැ. ඉතින් සමහරැ නම් කියන්නෙ මේ ඉල්ලා අස්වෙන කතාව නාට්‍යයක් කියලයි.
කොහොම නමුත් මේ පාර මුන්නැහේ ඉල්ලා අස්වෙනවය කියන්න හේතුව පොටෝ ප්‍රශ්නයක් කියල ආරංචියි... පසුගියදා තිබුණ පක්ෂ සංවත්සරේ වෙලාවෙ වේදිකාවෙ හයිකරල තිබුණ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙ ඡායාරූප පුවරුවෙ මෙයාගෙත් තවත් පක්ෂයෙ ඉහළ තනතුරක් දරන නෝන කෙනෙක්ගෙත් පින්තූර තිබුණෙ නැතිලු.
ඇත්තටම ඒක සංවිධායකයන් අතින් වුණ අත්වැරුද්දක් බව වගකිවයුතු අය සොයාගෙන මෙයාට කියලත් තිබුණලු. එහෙම කියද්දිත් මෙය දිගටම පක්ෂය එක්ක කොක්ක දාගන්නලු හදන්නෙ... ඒ අතරෙ තමන්ගෙ පැරණි නායකය වන වත්මන් රටේ නායකතුමා ගැනත් වර්ණනා කරනවලු. ඒ නිසා මෙවර මෙයාගෙ නාට්‍යය ඉවර වෙන්නෙ කොතැනින්ද කියල තමයි පක්ෂයෙ සමහරු බලා ඉන්නව කියන්නෙ.
-Deshaya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
