විදෙස් රැකියා ඒජන්සි 400 ක : ලයිෂන් කැන්සල් !

විදෙස් රැකියා ඒජන්සි 400 ක : ලයිෂන් කැන්සල් !

චෝදනා ඇති විදේශ රැකියා ඒජන්සි 400ක බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි .

මෙම රැකියා ඒජන්සි ආයතන සංචාරක වීසා මඟින් මැද පෙරදිග ඇතුළු රටවල් රැසකට විගමනිකයන් රැකියා පිණිස යොමු කර ඇති අතර එම විගමනිකයන් ගේ රැකියා ස්ථිරත්වය ඇතුළු තොරතුරු කාර්යාංශයට ලබා නොදීම ඇතුළු කාර්යාංශය විසින් පනවා ඇති කොන්දේසි උල්ලංඝනය කිරීම මත මෙම තහනම පනවා ඇතැයිද ඇමැතිවරයා පවසයි .

එසේම විමර්ශන කටයුතු හා පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව කාර්යාංශ කොන්දේසි හා කම්කරු නීති උල්ලංඝනය වන පරිදි කටයුතු කර ඇති බවට තහවුරු වූ ඒජන්සි ආයතන 13ක කම්කරු බලපත්‍ර අවලංගු කිරීමටද කටයුතු කර ඇත.

මේ වසරේ ගත වූ පළමු මාස 11 තුළදී ලද පැමිණිලි මත පුද්ගලයන් 75 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් 13 දෙනකු විදේශ රැකියා ඒජන්සි හිමිකරුවන් බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එම කාලය තුළ පමණක් කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා ඒජන්සි ආයතනවලට එරෙහිව පැමිණිලි 614ක් ලැබී ඇති අතර එයින් පැමිණිලි 115ක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න