විපක්ෂයේ කෙරුමෙක්: හිතවත් කම නිසා විශ්‍රාමයේ හැප්පෙයි !

විපක්ෂයේ කෙරුමෙක්: හිතවත් කම නිසා විශ්‍රාමයේ හැප්පෙයි !

විපක්ෂයෙ ඉහළම නායක පට්ටමක් දරන, වෙන්ඩ ජනාධිපති හීන මවාගෙන ඉන්න මහත්තයෙක් නොකෙරෙන දීගෙක පැටලිලා සැප බයිට් එකක් වෙන සීන් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ .

සිද්ධිය ගැට ගැහිලා තියෙන්නේ රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යන ප්‍රතිපත්තිය මත. ඔය ප්‍රතිපත්තිය නිසා විපක්ෂයෙ ඉහළම නායක පට්ටමක් දරන, වෙන්ඩ ජනාධිපති හීන මවාගෙන ඉන්න මහත්තයට මාරම හිතවත් මැතිසබා සේවකයන් අවුරුදු හැටෙන් පැන්ෂන් යැවීම ගැන තමයි උයියා කරගෙන තියෙන්නේ .

මේ මැතිසභා සේවක ඩබලට දෙසැම්බර් අවසන් සතියේ ගෙදර යන්න වෙලා තියෙන්නේ . හැබැයි ඒ දෙන්නට ඕන තවත් අවුරුද්දක්වත් සේවයේ ඉන්නලු.

ඒ හින්ද කවුන්සිලේ රැස්වෙන හැම දවසකම වගේ අර විපක්ෂයේ උන්නැහේ විශේෂ කතාවක් කරමින් දියවන්නා කවුන්සිලේ සේවකයන් පෙන්ෂන් යැවීමේ වයස අවුරුදු 61 කරන්නම කියල කියනවලු...

මේක නිතරම කියන්න ගිහිල්ල දැන් ඒ කතාව තරමක විහිළුවක් බවටත් පත්වෙලා කියලයි ආරංචි...

මේ විපක්ෂ ලොක්කා කොහොම කිව්වත් පැන්ෂන් වයස වෙනස් නොකරන්න ආණ්ඩුව තීන්දු කරල ඉවරලු. බලන්න නේද විපක්ෂයේ නායක වගේ ඉඳලා , වෙන්ඩ ජනාධිපති හීන මවන අතරේ තමන් දන්න කියන අය වෙනුවෙන් විතරක් ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඉල්ලන හැටි. මෙහෙම එක්කෙනෙක් ජනාධිපති වුනොත් කොහොම තියෙයිද කියලා ටෙලිෆෝන් පාටියේ කෙරුමොත් දැන් දැන් කතා වෙනවලු.

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න