ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් නොයවා පැවතිය යුතුම බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි .
නමුත් මැතිවරණය පැවැත්වීමට යම් යම් ගැටලු ඇති නමුත් එය පැවැත්විය හැකි පළමු මොහොතේ පැවැත්වීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පවසයි .
එසේ පවත්වන මැතිවරණයට අරගලකරුවන් සියල්ලන්ද ඉදිරිපත් වී තම ශක්තිය පෙන්විය යුතු බවත් රැට්ටලා, බැට්ටලා මෙන්ම රූපවාහිනියට පැන දේශන දුන් අයද පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වී තමන්ට ජන සමාජය තුළ ඇති ශක්තිය හා පිළිගැනීම පෙන්නුම් කල යුතු බවත් පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ ද මැතිවරණයට ඉදිරිපත් කර තම ශක්තිය යුතු බවද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පිවිස රටේ පාලනයට මැදිහත් වීමට ඔවුන් කටයුතු කළ යුතු බවත් හෙතෙම තවදුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
