තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි, මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේ ය.
ඒ, රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
ඇයට පැනවූ විදෙස් ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මකයි.
සෑම මාසයක අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි ද මහේස්ත්‍රාත්වරයා තිළිණි ප්‍රියමාලිට නියෝග කළේ ය.
තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගැනුණේ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
