කැබිනට් එකෙන් පත් කරපු කමිටුවට, සරත් වීරසේකර රිංගුවේ කොහොමද? ගැසට් එකට පිටින් ගිහින් , බිත්තරයක් 05කින් වැඩි කරන්න, තීන්දු කළේ කාගෙන් අහලද? වීරසේකර මෙහෙම වැඩ කරන්නේ, කාගේ හයිය අතට අරන්ද?
ඔන්න සරත් වීරසේකරට ආයෙත් දේශපාලන බාල්දියක්..
කැබිනට් අනුමැතිය මත පත් කරපු , ආහාර ප්‍රතිපත්ති කමිටුවේ,, සාකච්ජාවලට , සරත් වීරසේකර මන්ත්‍රී තුමත් සහභාගී වෙලා ලු.. සහභාගී වෙලා විතරක් නෙමෙයි , පාලන මිලත් ඉක්මවා යන ආකාරයට, බිත්තරයක මිල රුපියල් 5කින් වැඩි කරන්න කියලත් උපදෙසුත් දීල ලු..
ඔය කියන ආහාර ප්‍රතිපත්ති කමිටුව පත්කරලා තියෙන්නේ , කැබිනට් එකෙන්.... ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරුන් තමයි, ඔය කමිටුව නියෝජනය කරනවයි කියන්නේ. ඒ කමිටුවේ ප්‍රධානීයා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක..
ඒ විදියට ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකට ගිහින් , සරත් විරසේකර ,මේවගේ සංවේදී තීරණයක් ගත්තේ කොහොමද ? වෙළඳ ඇමැතිටත් ප්‍රශ්නයක් ලු..
රටේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙද්දී, දරුවන්ගේ පැත්ත නොගෙන,, සරත් වීරසේකර , බිත්තර නිෂ්පාදකයින්ගේ පැත්ත ගත්තු එක ගැන, සමහර අමාත්‍යංශ ලේකම්වරුන් පවා, අප්‍රසාදය පළකරලා කියල තමයි වාර්තා වෙන්නේ..
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
