තිලිණිලගේ කතාවේ ඉවරයක් නෑ . දවසින් දවස කොටස් විදියට තමයි, එලියට දාන්නේ.. ඔය හඬපට ලීක් වෙන්නෙත් සිස්ටම් එකකට.. .
පෙරේදා ජීවන් ටයි, එයාගේ නෝනා ෂෙරින් ටයි, සංගීත ටයි, නිව් මිඩියා වල, ලොකු ඉඩක් වෙන්කරලා තිබුනා. සමහර වෙබ් වල තිබුනේ , ''ප්‍රියමාලිගෙන් නළු නිලි වැල ඕපන් '' කියලා.
ඒ කිව්වත් වගේ , ඔන්න CID එක , ජනප්‍රිය රංගන ශිල්පි පුබුදු චතුරංග සහ, එයාගේ නෝනා මහත්තයා, රංගන ශිල්පිනි , මාෂි සිරිවර්ධන ගෙනුයි , ප්‍රශ්න කරන්න ලු යන්නේ..
බිලියන ගණනක මුදල් වංචා චෝදනා මත, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න, තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව ලු, ඒ දෙන්නගෙන් ප්‍රශ්න කරන්න හදන්නේ..
ආරංචිමාර්ග කියන විදියට, කොළඹ ශැංග්‍රිලා හෝටලයේ තිබිච්ච, ' මායා' චිත්‍රපටයේ මුහුරත් උළෙලට, තිලිණි මුදල් දීපු එක ගැන ලු , ඔය ප්‍රශ්න කරන්න යනවයි කියන්නේ..
මේ වෙනකොට, තිළිණි ප්‍රියමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් , සේමිණි ඉද්දමල්ගොඩ, ජීවන් කුමාරතුංග, ශෙරින් කුමාරතුංග, පූර්ණිකා පීරිස් සහ පේශල මනෝජ් ඇතුළු සැහෙන කට්ටියකගෙන්, CID එක ප්‍රකාශ සටහන් කරගෙන...
ඒ අතරේ, තවත් එක් ප්‍රවීණ රංගන ශිල්පිනියක්, CID එක මඟ හරිමින් ඉන්නවා කියලත් ,ආරංචියි.. බලන් ඉමු එයා ගැනත් හෙට අනිද්දා වෙනකොට ලීක් වෙයි..
දේශපාලන වාර්තාකරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
