COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් (Borut Pahor) අතර හමුවක් අද (07) සිදු විය.
ස්ලෝවේනියා ජනාධිපතිවරයා මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහව ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සාකච්ඡාවකට එක් වූ බව වාර්තා වෙයි.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහභාගී වූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
