කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රී ගැටුමක් හට ගෙන ඇත.
එම ගැටුම අතරතුර රැඳවියන් 50ත් 100ත් අතර පිරිසක් පලාගොස් ඇතැයි යුද හමුදාව පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියෙකු හා යුද හමුදා සාමාජිකයෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.
යුද හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ, රැඳවියන් පිරිසක් කදවුර තුළ ඇති ආයුධ ගබඩාව වෙත ඇතුළුවීමට තැත් කිරීම, කලහකාරි තත්ත්වය දුරදිග යාමට හේතු වී ඇති බවය.
ආයුධ ගබඩාවේ ආරක්ෂාවට සිටි 9 වන කාලතුවක්කු හමුදා සාමාජියින් එය ව්‍යවර්ථ කොට ආයුධ ගබඩාව මේ වනවිට සම්පූර්ණයෙන්ම සුරක්ෂිත කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
එම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරීයෙක් පැවසුවේ හට ගත් එම ගැටුමෙන් වාහන හා දේපල වලට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
