අතවර චෝදනා මත අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි අධිකරණ විනිසුරු රොබට් විලියම්ස් අද(07) ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා අනුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැකකරු සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.
ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නීතිඥ ආනන්ද අමරනාත් පෙනී සිට ඇත.
ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නගරයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කරන ලෙස අධිකරණය නියෝග කල බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
