21 සංශෝධනය බලාත්මකයි !

21 සංශෝධනය  බලාත්මකයි !

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය අත්සන යොදා සහතික කර ඇති අතර ඒ අනුව අද (31) සිට එය බලාත්මක විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය (21) වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් සම්මත විය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් අගෝස්තු මස 10 වැනිදා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය පසුගිය මස 20 සහ 21 යන දිනවල පැවැත්විණ.

දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එකතු කිරීමෙන් අනතුරුව පැවැති තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක්ද විපක්ෂව ඡන්දයක්ද හිමිවිය.

පනත් කෙටුම්පත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සම්මත වුවත් තාක්ෂණික කාරණයක් හේතුවෙන් එය බලාත්මක වන්නේ විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසය.

පනත් කෙටුම්පතට සහතිකය තබන අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක , පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණධීර සහභාගීවූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න