උද්ධමනය පහළට !

උද්ධමනය පහළට !

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කලකට පසුව ඔක්තෝම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින් පහත ගොස් ඇත.

ඒ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා තහවුරු කරයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මස උද්ධමනය සියයට 69.8 ක් ලෙස සටහන් වූ අතර එය ඔක්තෝම්බර් මස සියයට 66 ක් දක්වා පහත වැටී තිබේ.

එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මසට සාපේක්ෂව ආහාර උද්ධමනයද ඔක්තෝම්බර් මස සියයට 9.3 කින් පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

ඉකුත් සැප්තැම්බර් මස සියයට 94.9 ක් වූ ආහාර උද්ධමනය ඔක්තෝම්බර් මස සියයට 85.6 ක් දක්වා පහත වැටී ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝම්බර් මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 56.3 ක් ලෙස සටහන් වන අතර සැප්තැම්බර් මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 57.6 ලෙස සටහන් විය. එයද සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහළ යාමකි.

ඔක්තෝබර් මස සියයට 66 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 28.1 ක දායකත්වයක් ලබා දී ඇති ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 37.9 ක දායකත්වයක් ලබා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න