දීපාවලිය ඉන්දීය - ශ්‍රී ලංකා සමානතා පිළිඹිබු කෙරෙන සැමරුමක් - ජනපති

දීපාවලිය ඉන්දීය - ශ්‍රී ලංකා සමානතා පිළිඹිබු කෙරෙන සැමරුමක් - ජනපති

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව එකම කාසියක දෙපැත්ත බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනස්කම් තිබුණද දෙරට අතර සමානතා බොහොමයක් පවතින බව පැවසීය.

දීපාවලි යනු එම සමානතා පිළිඹිබු කෙරෙන එක් අවස්ථාවක් බවත්, එය අද මුළු ලෝකයම සමරන උත්සවයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමය විසින් (Colombo Expats Cultural Association) ඊයේ (29) පස්වරුවේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ සංවිධානය කර තිබූ විශේෂ දීපාවලි සැමරුම් උත්සවයට එක් වෙමිනි.

දීපාවලි සැමරුම සියලුදෙනා එකට එක් කෙරෙන සහ සමීපතමයන් මුණගැසෙන අවස්ථාවක් බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතවරයා එකමුතුකම සහ සහයෝගීතාව සංකේතවත් කෙරෙන දීපාවලී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයට සිය ස්තූතිය පිරිනැමීය.

කොවිඩ් වසංගතය සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අභියෝගකාරී තත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ අඩු වරප්‍රසාදිත පවුල්වල දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් සංගමය ඉටුකරනු ලබන කාර්යභාරය ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයේ සභාපති කපිතාන් ඒ. බැනර්ජි (A. Banerjee) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

IMG 20221030 WA0013

IMG 20221030 WA0012

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.