යාලේ සෙල්ලම් දැමූවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් !

යාලේ සෙල්ලම් දැමූවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් !

යාල ජාතික වනෝද්‍යානයට ඇතුලු වී වන සතුන්ට හිංසා වන පරිදි අනිසි ලෙසින් නිති විරෝධීව හැසිරුණු බව කියන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වා ඊට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත්කර ඇත .

තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිදු සමීර සිල්වා අද (25) වනජීවි දෙපාර්තමේන්තුවට එකී නියෝගය සිදුකර තිබේ.

මෙම සිද්ධියට අදාළ සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු අදාළ වාහන අංක සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමිසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවා විමර්ශනයන කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා වනජීවි දෙපාර්තමේන්තුවට නියම කර ඇත .

මෙම පිරිස නියාමක මග පෙන්වන්නන්ගේ අවවාද නොතකා වනෝද්‍යානය තුළ වේග සීමා ඉක්මවින් වාහන ධාවනය කර ඇති බවත් එමගින් වනෝද්‍යානයේ සතුන්ට හිංසාවක් වන අයුරින් කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් වනජීවි දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම පිරිස පාලනය කර ගත නොහැකි වූ මගපෙන්වන නියාමකවරුන් හත් දෙනා නියමිත වේලාවට කලින් එනම් එදින පස්වරු පහයි තිහට පමණ තම රාජකාරියෙන් ඉවත්වීමට කටයුතු කර ඇති බවට යාල උද්‍යාන භාරකරු සදහන් කළ බවද වනජීවි දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න