Language Switcher

V2025

ද්විත්ව පුරවැසි විරෝධය අලුත් වෙයි !

ද්විත්ව පුරවැසි විරෝධය ඔන්න ආයෙත් , මාකට් වෙන්න පටන් අරන්..

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන්, සමගි ජන බලවේගයේත් ඉන්නවා කියල, ඒ පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියනවා.. ඒත් , නීති උපදෙස් ලැබෙනා තෙක්, එම මන්ත්‍රීවරුන් කව්ද කියල කියන්නේ නැ කියලත් කියනවා.

“අපේ පක්ෂයෙත් ද්විත්ව පුරවැසියන් ඉන්නවා. අපි ඒ සම්බන්ධයෙන් නීතිය අනුව කටයුතු කරන නිසා, ඒ මන්ත්‍රීවරුන් කවුද කියලා හෙළි කරන්නේ නෑ. අපි ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් අපේ නීතිඥයන් සමග සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා”

රංජිත් මද්දුමබණ්ඩාර, එහෙම කියන්නේ ඒ පක්ෂයේ ඉඳල ආණ්ඩුවට එක්වුණ ජාතික ලැයිස්තු නියෝජිතයෙක් ගැන ලු..

ඔය ද්විත්ව පුරවැසි වගන්තිය, මෙදා පාර සංශෝධනෙටත් එකතුකලේ, බැසිල් ටාගට් කරගෙන. බැසිල් ආයෙත් , දේශපාලනයට එන එක නවත්තන්න..

විපක්ෂය විතරක් නෙමෙයි, ආණ්ඩුවේ ඉන්න බැසිල් විරෝධියොත්, මේ වැඩේට කර ගැහුවා.. නාමල්, චමල් , ශෂින්ද්‍ර ත් රැල්ල යන අතට පිනගෙන ගියා. රට පුරාම ද්විත්ව පුරවැසි විරෝධයක් මතුවුනා.

ඒ අස්සේ කතානායක මරු කතාවක් කියලා .

ඒ ද්විත්ව පුරවැසිභාවය දරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව මිස පාර්ලිමේන්තුව නෙවෙයි කියලා .

ද්විත්ව පුරවැසිභාවය දරන මන්ත්‍රීවරුන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව රටේ ඕනෑම පුරවැසියෙකුට ඇති බවත් කථානායකවරයා කියලා .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි තමන්ට දැනගන්නට ලැබී ඇති බවත්, ඒ හැර තවත් මන්ත්‍රීවරුන් සිටී දැයි තමා නොදන්නා බවත් කතානායක කියලා .

මේ සම්බන්ධයෙන් නීතියෙන් ලබාදෙන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම හැරෙන්නට තමාට වෙන කිසිම දෙයක් කරන්න බෑ කියලයි කථානායකවරයා කියන්නේ .

ඒ කොහොම වුනත් උවිඳු කුරුකුලසූරිය වගේ, ජාත්‍යන්තර අද්දැකීමක් තියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෝ, මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකරලා තිබුන. ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයෙක් වෙන උවිඳු, ඊයේ එයාගේ FB එකේ දාපු සටහනක මෙහෙම කියලා තියෙනවා..

''දෛවයේ උපරිම සරදමක් ලෙස, ලංකාවේ ඉපදුන, එහි සංස්කෘතිය හා බැඳුණු, එහෙත් වෙනත් රටක ද තාක්ෂණික පුරවැසිකමක් හිමි අයට, පාර්ලිමේන්තු වැට බඳින, ගෝත්‍රික තීරණ ගන්නා විට, ඉන්දියානු සම්භවයක් සහිත, එමෙන්ම බිරිඳ තාමත් ඉන්දියානුවෙකු වන, බිරිඳගේ පියා ඉන්දියාවේ බිලියනපති ව්‍යාපාරිකයෙකු ද වන, රීෂී සුනක් බ්‍රිතාන්‍ය අගමැති ධුරය සඳහා පළමු පියවර ලෙස, කන්සවේටිව් පක්ෂයේ නායකත්වයට මීට මද වේලාවකට පෙර පත්විය. අප කොයි යන්නේ?'' උවිඳු ප්‍රශ්න කරන්නේ එහෙම..!

දේශපාලන වාර්තාකරු