ජනාධිපති කාර්යාලයට අයත් වාහන දෙකක් කෙටිකාලීන භාවිතය සඳහා ලබාගෙන නැවතත් ජනාධිපති කාර්යාලයට එම වාහන බාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස වාහන බාර නොදුන් එක් මන්ත්‍රීවරයෙක් අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ඔහු ජනාධිපති කාර්යාලයෙන් ලබාගෙන ඇත්තේ ලෑන්ඩ් ක_ෂර් ප්‍රාඩෝ ජීප් රථයකි. තවත් එක් මන්ත්‍රීවරයෙක් ටොයොටා හයිලක්ස් කැබ් රථයක් ලබාගෙන ඇත. ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරයි. මේ දෙදනාම ආණ්ඩුව නියෝජනය කරමින් සිට පසුව ස්වාධීන වූ මන්ත්‍රීන් බවද වාර්තා වෙයි.
මේ අය ජනාධිපති කාර්යාලයේ දැනුම් දීම පරිදි දිගින් දිගටම අදාළ වාහන බාර නොදීම නිසා එම දෙදෙනාට එරෙහිව දැනටමත් පොලීසියට පැමිණිලි කර ඇති බව දැනගන්නට ඇත.
- deshaya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
