මහී - රෝහිත ගෝරියක පැටලෙයි !

මහී - රෝහිත ගෝරියක පැටලෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ, රෝහිත අබේගුණවර්ධන අතර, පහුගිය දවසක, පාර්ලිමේන්තු කැන්ටින් එකේදී, ලොකු බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

තමන් විසින් ඉදිරිපත් කළ පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ ලියවිල්ලකට, පක්ෂ ප්‍රධානීන්ගෙන් අවධානයක් නොලැබීම ගැන , මහින්දානන්ද අලුත්ගමගේ කියපු කතාවකින් තමයි, ගැටුම පටන් අරන් තියන්නේ..

ආරංචියේ හැටියට කතාව මේකයි..

පොහොට්ටු පක්ෂය මේ දවස්වල එක දිගට ආසන බල මණ්ඩල කැඳවනවා..

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අවම 20ක් උපරිම 50 ක් විදියට කැඳවීම් කරනවා..

මහනුවර ආසන බල මණ්ඩලේ කැඳ වද්දී තමයි ඔය ගැටුමේ .මුල ....

මෙතන කතාව පටන් අරන් තියන්නේ මහින්දානද නැත්තන් මහී ..

'' කෝ මම මහනුවර වැඩේට කට්ටිය කැඳවන වැඩපිළිවෙල ඔයාලගේ පක්සේට එව්වා. තාම මොකුත් වෙලා නෑ නේ ..'' මහී කියල තියන්නේ විවේචනයක් විදියට..

'' නැහැ අපි ඒක රිජෙක්ට් කළා. '' ටිකක් හයියෙන් එහෙම උත්තරයක් දීලා තියෙන්නේ පොහොට්ටු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර.

මහාචාර්ය රන්ජිත් බණ්ඩාර කියන්නේ, බැසිල්ගේ ගෝලයා. ජාතික ලැයිස්තුවෙන් රන්ජිත් බණ්ඩාර ව පාර්ලිමේන්තු ගෙනත් , මහනුවර දිස්ත්‍රීකය බාරදීල තියන්නේ මහාචාර්ය රංජිත්ට..

මහී , ඔය කතා ව පාර්ලිමේන්තු කැන්ටින් එකේ දී කියනකොට, රාජ්‍ය ඇමති සනත් නිශාන්තත් එතන ඉඳලා.

'' ඇමතිතුමා දැන් ඔබතුම අපේ පක්ෂයේ නෙමෙයිද ? ඕගොල්ලන්ගේ පක්ෂේ කියා කියා අපට හින්ට් පාස් කරන්නේ.. '' සනත් නිශාන්ත , මහීගෙන් අහලා.

හිටපු ඇමති රෝහිත අබේගුනවර්ධනත් කතාව පැටලිලා තියන්නේ මය වෙලාවේ..

දෙන්න ම සද්දේ දාගෙන ගෝරියක් ලු..

වැඩේ දිගට යද්දී හිටපු ජනාධිපති මහින්ද විතරක් නෙමෙයි නාමලුත් මැදිහත්වෙලා.

'' හරි හරි දැන් මෙතන රණ්ඩු එපා. දැන් ඔය කතාව නවතන්න '' එහෙම කියල වැඩේ යටගහල තියන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා ..

කොහොම වුනත් පක්සේ මන්ත්‍රීවරු තමන්ව කොන්කරන එක ගැන මහින්දානන්ද ඉන්නේ ලොකු හිතේ අමාරුවකින් ලු..

- දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න