ඩී. එස්. සේනානායක විද්‍යාලයීය නව ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රිකට් පුහුණු දැල් ගොඩනැඟිල්ලක් (Indoor Cricket Nets Building) ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව ඩී. එස්. සේනානායක විද්‍යාලය ඉහළ අභිමානයෙන් යුතුව නිවේදනය කර සිටියි. මෙම විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලබන්නේ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු මෙන්ම ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන, මධුර වික්‍රමරත්න ගේ අනුග්‍රහය සහ මූලිකත්වය ඇතිව ය.
මෙම ගෘහස්ථ ක්‍රිකට් පුහුණු දැල් ගොඩනැගිල්ල ඉදිකර අවසන් වූ පසු, එමගින් ඕනෑම කාලගුණික තත්ත්වයක දී පුහුණුවීම් කළ හැකි නවීන පරිශ්‍රයක් නිර්මාණය වන අතර, එමගින් ශිෂ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයින්ට වසර පුරා කිසිදු බාධාවකින් තොරව සිය පුහුණුවීම්වල නිරත වීමට සහ කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසේ. මෙම පහසුකම මගින් පුහුණුකරණ මට්ටම, ක්‍රීඩකයින් ගේ සූදානම සහ සමස්ත ක්‍රීඩා දක්ෂතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතරම, විද්‍යාලයේ දිගුකාලීන ක්‍රීඩා විශිෂ්ටත්වයේ සම්ප්‍රදායට ද විශාල දායකත්වයක් සපයනු ඇත.
මෙම ගෘහස්ථ ක්‍රිකට් පුහුණු දැල් ගොඩනැඟිල්ල සඳහා මුල්ගල් තැබීමේ නිල උත්සවය 2026 ජූනි මස 4 වන දින පෙ.ව. 8.00 සිට ඩී. එස්. සේනානායක විද්‍යාලයීය නව ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මේ සඳහා විද්‍යාලයීය කළමනාකරණ මණ්ඩලට, ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින්, කීර්තිමත් ආදි ශිෂ්‍යයින් සහ සිසුන් සහභාගී වීමට නියමිත ය.
ක්‍රිකට් ක්‍රීඩාව යනු ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පොහොසත් ක්‍රීඩා උරුමයේ අත්‍යවශ්‍ය කොටසක් වන බැවින් මෙම ගෘහස්ථ ක්‍රිකට් පුහුණු දැල් ගොඩනැගිල්ල ස්ථාපිත කිරීම, මීළඟ ක්‍රිකට් පරපුර බිහිකිරීම අරමුණු කරගනිමින් ඩී. එස්. සේනානායක විද්‍යාලය තුළ ලෝක මට්ටමේ ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීම සඳහා තබන තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
