ග්‍රන්ථ නාමාවලිකරණයේ ශ්‍රී ලාංකීය සන්නාමය ලෙස හැඳින්වෙන ආචාර්ය එච්. ඒ. අයි. ගුණතිලක ගේ ශාස්ත්‍රීය වටිනාකම පිළිබිඹු කරනු වස් පැවැත්වෙන දේශනය ජුනි මස 05වන දා පො. ව. 09.00 සිට ප.ව. 12.30 දක්වා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
මෙහි දී මහාචාර්ය ඩබ්. ඒ. වීරසූරිය, ආචාර්ය චම්පා අලහකෝන් සහ උදිත අලහකෝන් දෙසුම් පැවැත්වීමට නියමිත ය.
වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ඝ්‍රන්ථ විඥාපන පාලන අංශය විසිනි.
වැඩි දුර විමසිම් සඳහා 0714435475 මෛත්‍රී ජයසුන්දර අමතන්න.
https://newswave.lk/8194/ (මෙම සබැඳියෙන් ආචාර්ය එච්. ඒ. අයි. ගුණතිලක පිළිබඳ පූර්ණ විස්තර සහිත ලිපියක් කියවිය හැකි ය.)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
