Image

'ප්‍රජා ශක්ති ගම් දහස' වැඩසටහනට සමගාමී මහනුවර දිස්ත්‍රික් සමාරම්භය කුණ්ඩසාලේ දී...

'ප්‍රජා ශක්ති ගම් දහස' වැඩසටහනට සමගාමී මහනුවර දිස්ත්‍රික් සමාරම්භය කුණ්ඩසාලේ දී...

ප්‍රජා ශක්ති ගම් දහසක් වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් සමාරම්භ කරමින් වාරි ව්‍යාපෘතියක ඇළ වේල්ලේ  ඉදිකිරීමේ කටයුතු ඊයේ (02) මහනුවර කුණ්ඩසාලේ දී පැවැත්විණි. 

එහි දී ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ගේ ප්‍රධානත්වයෙන් රුපියල් ලක්ෂ 20ක වියදමින්  පල්ලේදණ්ඩ සිට ඉඹුල්දෙණිය දක්වා වාරි ව්‍යාපාරයේ ඉදිකිරීම් ආරම්භ කෙරිණි. එම වාරි ව්‍යාපාරය ප්‍රතිසංස්කරණය කිරීම මගින් පිළවල ප්‍රදේශයේ  ග්‍රාම නිලධාරී වසම් 05ක අක්කර 33ක් අස්වැද්දීමේ හැකියාව පවතී.  

මෙම සමාරම්භක උත්සවයට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1100ක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 1769කි. ඒ අනුව එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් මිලියන 1.5ක මුදලක් වෙන් වන බවත් රජය දියත් කරන දැවැන්ත ව්‍යාපෘතිවලට සමගාමීව ග්‍රාමීය මට්ටමේ ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා මෙවැනි ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් දියත් වන බවත් ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා එහි දී පැවසුවේ ය.  

ප්‍රජා සංවර්ධන සභාවේ යෝජනා අනුව වසම් මට්ටමින් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර ඒ අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ප්‍රජා ශක්ති ගම් දහසක් වැඩසටහන සඳහා රුපියල් මිලියන 25 000ක මුදලක් වෙන් කර ඇතැයි එම අවස්ථාව ඇමතූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුජ දිසානායක එහි දී ප්‍රකාශ කළේ ය.  

සිරිමල්වත්ත, බෝධිඝර පුරාණ විහාරාධිපති පූජ්‍ය කන්දේගම සුමනසාර හිමි ඇතුළු මහා සංඝරත්නය ද කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල ඉල්ලගොල්ල ඇතුළු මහජන නියෝජිතයන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා දිසානායක, මහනුවර දිස්ත්‍රික් සැලසුම් හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ලක්මාල් කරුණාතිලක ඇතුළු නිලධාරීන් සහ ගම්වාසීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 nadeeka daya

 

 

 

 

නදීක දයා බණ්ඩාර - මහනුවර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න