සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 05 ක මිල අඩු කෙරේ

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 05 ක මිල අඩු කෙරේ

සතොස අද (09) සිට ආනයනික සුදු කැකුළු, නාඩු, රතු පරිප්පු, සුදු සීනි, හාල්මැස්සන් යන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක සහ තවත් භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.

ඒ අනුව,
සුදු කැකුළු කිලෝවක් – 195 සිට 185 දක්වා
සුදු නාඩු කිලෝවක් – 198 සිට 194 දක්වා

රතු පරිප්පු කිලෝවක් – 460 සිට 429 දක්වා
සුදු සීනි කිලෝවක් – 298 සිට 279 දක්වා
හාල්මැස්සන් කිලෝවක් 1375 සිට 1350 දක්වා මිල ගණන් පහළ දමා තිබේ.

මීට අමතරව සුදුළුෑණු කිලෝවක් – 750 සිට 595 දක්වා සහ වටානා කිලෝවක් – 375 සිට 315 දක්වා මිල ගණන් පහත දැමූ බව සතොස සභාපති පසද යාපා අබේවර්ධන පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න