එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ 96 හැවිරිදි දෙවන එලිසබෙත් රැජින වසර 70 ක් කිරීටය හොබවා බැල්මොරල්හිදී මිය ගියාය.

එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 මෙරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව ලබන 19 වැනිදා දක්වා ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ද උපදෙස් දී ලබා දී ඇත.

බ්‍රහස්පතින්දා උදෑසන ඇගේ සෞඛ්‍යය තත්ත්වය ගැන විමසිලිමත් වීමත් සමග ඇගේ පවුලේ අය ස්කොට්ලන්ත වතුයායේ වූ මාලිගයෙහි රැස් වූහ.

ඇයගේ අභාවයත් සමඟ ඇයගේ වැඩිමහල් පුත් චාල්ස්, හිටපු වේල්ස් කුමරු, ශෝකයට පත් රටේ රාජ්‍ය නායකයා ලෙස සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 14 ක නව රජු ලෙස කටයුතු කරනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න