ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානානයක්කාර පවසයි.
සමගි ජනබලවේගයේ පිරිසක්ද එජාපයට එක්වෙනු ඇති බවත් ඉන් පසු සජිත් ප්‍රේමදාස තනි වීම හෝ යථාර්ථයට මුහුණ දීමට සිදුවෙනු ඇතැයිද ඔහු සදහන් කලේය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් දක්ෂිණාංශික කණ්ඩායමක් හා ජනතා විමුක්ති පෙරමුණ, උත්තර ලංකා සභාගය, ඩලස් අලහප්පෙරුම ඇතුළු ස්වාධීන පිරිස සහිත "නිදහස" කණ්ඩායම ලෙස ඉදිරියේදී කණ්ඩායම් දෙකක් බිහිවෙනු ඇතැයිද ඔහු තව දුරටත් පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
