සිරිසේනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බහුතරය නැති වෙයි !

සිරිසේනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බහුතරය නැති වෙයි !

රාජ්‍ය අමාත්‍යවරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිව්රුම් දීමත් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස තවදුරටත් අඩු වී ඇත.

මේ වන විට නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර මහත්වරුන් කැබිනට් අමාත්‍ය ධුර දරන අතර රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්ප කුමාර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, සුරේෂ් රාගවන්, ශාන්ත බණ්ඩාර යන මන්ත‍්‍රීවරුන් අද (08) රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දී ඇත.

ඒ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ආණ්ඩුව නියෝජනය කරමින් ඇති අතර පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දෙතුන් දෙනෙකු පමණක් විපක්ෂය නියෝජනය කරයි.

කෙසේ වුවත් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුව අවස්ථාවේ එහි ව්‍යවස්ථාව සංශෝධනය කරගන්නට පක්ෂ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබිණ. ඒ පක්ෂ විනය උල්ලංඝණය කරන පාර්ශවවලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු කරුණු කිහිපයක් පෙන්වා දෙමින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න