කැසිනෝ බදු ක්‍රමවත් කිරීමට : රනිල්ගෙන් පනත් සංශෝධනයක් !

කැසිනෝ බදු ක්‍රමවත් කිරීමට : රනිල්ගෙන් පනත් සංශෝධනයක් !

ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන නියාමනය කිරීමට සහ ඒවායින් විධිමත් ලෙස නියමිත බදු අයකර ගැනීමට හැකිවන ආකාරයට සූදු බදු පනත සංශෝධනය කිරීමට නියමිතය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඊට අනුව ,2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මඟින් ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමනය කිරීම සඳහා වන විධිවිධාන පනවා ඇත.

2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා දිය යුතු නමුත්, එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මේ දක්වා කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට එකී පනත යටතේ බලපත්‍ර නිකුත් කර නොමැත.

එම තත්ත්වය යටතේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකර ගැනීමට අපහසු වී තිබේ.

එබැවින්, එවැනි ව්‍යාපාර නියාමනය කිරීමට සහ රජයට අයවිය යුතු නියමිත බදු අයකර ගැනීමේ අරමුණින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සුදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහාත් අවශ්‍ය පියවර ගැනීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න