සමාජ මාධ්‍යයේ දැඩි අවධානයට ලක්වූ කුලී රථ රියදුරෙකු කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශයට අනුව, 2026 මැයි 31 වන දින වැලිකඩ ප්‍රදේශයේ දී කුලී කාර් රථ රියදුරෙකු බිය ගන්වා රුපියල් 38,500ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු බොරැල්ල පොලිසිය විසින් ගෝතමීපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී "අයිස්" මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවල දී තවත් අපරාධ රැසකට ඔවුන් සම්බන්ධ බව අනාවරණය වී ඇත; ඒ අතර
මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, බොරැල්ල සහ වැලිකඩ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
කුලී රථ සහ ත්‍රීරෝද රථ රියදුරන් ගෙන් ඉල්ලා සිටින්නේ රාත්‍රී කාලයේ සහ හුදෙකලා ප්‍රදේශවල ගමන් කිරීමේ දී වැඩි අවධානයකින් කටයුතු කරන ලෙසයි.
Damith D Wijesingha
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
