ස්වර්ණවාහිනී නාලිකාවේ live@8 ප්‍රවෘත්ති විකාශය විකාශය නොවන බව මේ වන විට වාර්තා වී ඇත.
ස්වර්ණවාහිනී සේවකයන් විසින් අද (04) උදේ සිට සේවක වැටුප් වැඩි කර දෙන මෙන් ඉල්ලා සිටින අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ස්වර්ණවාහිනිය කිසිදු වැඩසටහනක් විකාශය නොවන තත්ත්වයක් බවට පත්වී තිබේ.
ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි නමැත්තා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සිටිමින් ස්වර්ණවාහිනියේ ප්‍රධාන නිලධාරියා වශයෙන් කටයුතු කිරීම ද සේවකයන් විසින් ප්‍රශ්න කරනු ලැබ ඇත.
එසේම සේවකයින් වෙත විවිධ බලපෑම් කළ බවටත් චෝදනා එල්ලවී තිබිණ .
සුදේව හෙට්ටිආරච්චි සහ රංගන සිල්වා ඉවත් කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමට පාලනාධිකාරිය උත්සාහ කරන බවත් දැනගන්නට ඇත.
මේ අතර රංගන සිල්වා තමා වෙනුවෙන් හෝ වැඩසටහන් විකාශය කරන මෙන් සේවකයන්ගෙන් ඉල්ලා ඇති නමුත් සේවකයන් පවසා ඇත්තේ ඔබ වෙනුවෙන් අපි එසේ කරන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි.

Live @ 8 වෙනුවට, ඒ වෙලාවට අද ගියේ සිංදු !
විශේෂ වාර්තාකරුවෙකු විසිනි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
