ගෑස් මිලදී ගැනීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුවි ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා ජූලි 05 වනදා පස්වරු 2.00 ට ලිට්‍රෝ ගෑස් සමාගමේ නියෝජිතයින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇති බව වාර්තා වෙයි .
කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මේ බව තහවුරු කර ඇත .
පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සාමාජික එස්. එම්. මරික්කාර් ලිපියක් යොමුකර කෝප් කමිටු සභාපතිවරයා වෙතින් ඉල්ලා සිටියේ, ලිට්‍රෝ සමාගම වැඩි මුදලට ගෑස් මෙට්රික් ටොන් ලක්ෂයක් ලබා ගැනීමට පවතින සූදානම පිළිබඳව වහාම විමර්ශනක් කරන ලෙසය.
ඒ අනුව, ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන්, ලිට්‍රෝ සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇතැයි මහාචාර්ය චරිත හේරත් සඳහන් කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
