Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ණය ගන්න පෙර මහ බැංකුව ස්වාධීන කර : දූෂණ මඩින නීති ගේන්න - ඇමරිකාව

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට දුෂණ මැඩලීම සඳහා ශක්තිමත් පියවර ගැනීමට සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමට ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට යාම සඳහා ණය තිරසරභාවය සහ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීම පමණක් ඉලක්ක කරගනිමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ප්‍රමාණවත් නොවන බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ප්‍රකාශ කළේය.

එසේ වුවහොත් සිදුවන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් දුර්වල කළමනාකරණයට ලක්වීම සහ පාලනය කළ නොහැකි ණය ප්‍රමාණයකට ගොදුරු වීම පමණක් බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව සඳහන් කළේය.

- lankadeepa