අගමැතිකම ඩලස්ට දෙන්නැයි ඉල්ලීමක් ?

අගමැතිකම ඩලස්ට දෙන්නැයි ඉල්ලීමක් ?

විමල්, ටිරාන් - ගම්මන්පිල ජනපති හම්බෙන්න ගිහින් ඩලස් අලහප්පෙරුම ව අගමැති කරන්න කියලා ඉල්ලීමක් කර ඇති බවට රාවයක් හේතුවෙන් , ඊයේ දේශපාලන කරලිය උනුසුම්ව ඇති බව වාර්තා වෙයි .

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ගෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ , ඔවුන් එවැනි කිසිම ඉල්ලීමක් කර නොමැති බවය. එසේම එවැන්නක් කවුරුන් හෝ සඳහන් කර ඇත්නම් එය ව්‍යාජ කට කතාවක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත .

ඒ වගේම ඩලස් මන්ත්‍රීවරයත් මේ පිළිබඳව ප්‍රතිචාර දක්වා ඇත.

එහිදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ මේ වෙලාවේ රනිල් ඉවත්කරන්න කුමන්ත්‍රණය කරන එක රටට කරන ලොකුම ද්‍රෝහිකමක් කියාය.

මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

"මේ වෙලාවේ රට ම ලොකු අර්බුදයක .. දැන් අපට ඕන ජාත්‍යන්තරව මේ ගැන කටයතු කරන්න පුළුවන් ලෝකය පිළිගත්ත නායකත්වයක්. ජනාධිපතිතුමා රනිල්ව අගමැතිවිදියට පත්කරපු එක මේ අවස්ථාවේදී ගත්තු නිවැරදි තීන්දුවක්.

රනිල්ට මාස 6-7ක් දීලා බලමු.. රට ගැන හිතලා එතුමාට මෙවෙලාවේ අපෙත් සහයදිය යුතු වෙලාවක්. මේ වෙලාවේ රනිල් ගේ කකුලෙන් අදින්න ගියොත් මිනිස්සු අපිට පන්න පන්න ගහවි...''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න